Wednesday, April 24, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් 17ක් රිමාන්ඩ්




පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පවසනවා. සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ. 

ඉකුත් 09වනදා කොල්ලුපිටිය, ගාලු මුවදොර සහ දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හා කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 2,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.