Friday, March 29, 2024

General line - 0115112241

ෆාතීමා ගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉටුකරන බවට ජනපති පොරොන්දු වෙයි




බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේදී ඝාතනය කරන්නට ඇති බවට සැක කෙරෙන 09 හැවිරිදි ෆාතීමා අයේෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපතිසිය සංවේගය පළකර සිටිනවා.

ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ  අකාරුණික ලෙස ඝාතනය වූ කුඩා ෆාතිමා අයේෂාගේ පවුලට තමාගේ හදපිරි ශෝකය සහ බලවත් සංවේගය පළකර සිටින බවයි. 

මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඇයගේ පවුලට ඉක්මන් ක්‍රියාමාර්ග සහ යුක්තිය ඉටු කිරීමට තමන් පොරොන්දු වන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.