Friday, March 29, 2024

General line - 0115112241

චන්දිමාල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි




එංගලන්ත කණ්ඩායමට එරෙහිව දිනේෂ් චන්දිමාල් ඊයේ (02) වාර්තා කළ අර්ධ ශතකය කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා.

එ් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක හෝ ඊට අඩු එක්දින තරග සහිත තරගාවලියකදී වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙසයි. ඊයේ පැවති තරගයේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 53 ක් රැස් කළ අතර එය මෙම තරගාවලියේ ඔහු පිට පිටම ලබා ගත් සිවුවැනි අර්ධ ශතකය වනවා.

එංගලන්තය සමග පැවති තරග 5 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් අර්ධ ශතක 12 ක් වාර්තා කිිරීමට සමත් වුණා. එය වාර්තා පොත් අතරට එක් වූයේ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක හෝ ඊට අඩු එක්දින තරග සහිත තරගාවලියකදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් වාර්තා කළ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව ලෙසටයි.

2004 වසරේ දකුණු අපි‍්‍රකාව සමග පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියකදී අර්ධ ශතක 10 ක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන් සමත් වුණා.

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස තරගය ලබන අඟහරුවාදා සදම්ප්ටන් හිදි පැවැත්වීමට නියමිතයි.

dinesh-chandimal-new