Thursday, March 28, 2024

General line - 0115112241

සංචාරක හෝටලයේ සත්තුවත්තක්




දඹුල්ල, කපුවත්ත ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක පවත්වාගෙන ගිය සත්තුවත්තක් වනජිවි නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ සංචාරක හෝටලයේ පිටුපස යකඩකූඩු තනා මෙම සත්තුවත්ත පවත්වාගෙන ගොස් ඇති බවයි.

එහි කූඩුකර සිටි බකමූනෙක්, ඉත්තෑවන් දෙදෙනෙක් සහ ඉබ්බන් තුන්දෙනෙක් වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. තවත් සතුන් විශාල පිරිසක් අදාළ ස්ථානයේ කූඩුකර සිටි බවට සාක්‍ෂිද දක්නට ලැබෙන බවයි වනජීවි නිලධාරීන් පැවසුවේ.

කෙසේවෙතත් මෙම සතුන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙලෙස කූඩු තුළ රදවාගෙන සිටි බව සංචාරක හෝටලයේ හිමිකරු ප‍්‍රකාශ කර තිබෙනවා. අත්අඩංගුවට ගත් එම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

DSC07764 DSC07767 DSC07769 DSC07772DSC07781 DSC07789 DSC07795DSC07804 DSC07809 DSC07815 DSC07817