Thursday, April 25, 2024

General line - 0115112241

මෙරට පෞද්ගලික අංශයේ සමාගම් සහ ආයතන කිහිපයක් එක්වක්‍රියාවට නංවන ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන සමඟ Sunshine Holdings සමාගම අත්වැල් බැඳගනීයි




රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් යුතුවDialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, CBL සමූහය, Citi බැංකුව, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka එක්ව ආරම්භ කරන ලද ‘මනුදම් මෙහෙවර’ වැඩසටහනසමඟ Sunshine Holdings සමාගමද පසුගියදා එක්විය.

 මෙම වැඩසටහනේ බෙදාහැරීමේ සහකරු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයහා විගණන සහකරු PwC Sri Lanka ඇතුළු මෙම ව්‍යාපෘතියෙන්සමාජීය යහපැවැත්ම අරමුණු කොටගත්   හවුල්කරුවන් සමඟ අත්වැල්බැඳගනිමින් Dialog, MAS, Hemas, CBL, Citi බැංකුව සහSunshine Holdings අරමුදල් සපයන ‘මනුදම් මෙහෙවර’ වැඩසටහනමඟින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාවන් අතුරින් පවුල් 200,000ක් ඉක්මවා හදිසි සහන සැලසීම අරමුණු කර ඇත.

මේ වන විට දිස්ත්‍රික්ක25 පුරාම හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, මේ දක්වාඅවශ්‍යතා සහිත පවුල් 40,000කට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබාදීතිබේ.ඵලදායී ආර්ථික  ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභහුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත වන තෙක් මනුදම් මෙහෙවරවැඩසටහන දින 60ත් 90ත් අතර කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

 ‘මනුදම් මෙහෙවර‘ මානුෂීය ක්‍රියාන්විතයට එක්වීම සම්බන්ධයෙන් අදහස්දැක්වූ Sunshine Holdings සමූහයේ සමූහ මානව සම්පත්කළමනාකරණ ප්‍රධානී මිෂෙල් සේනානායක මහත්මිය,”යහපත්ක්‍රියාමාර්ගවලට නිරතුරුවම ජීවය දිය යුතු බව Sunshine Holdings සමාගමේ අපි දැඩිව විශ්වාස කරනවා.‘මනුදම් මෙහෙවර’ එයසංකේතවත් කරන උතුම් ක්‍රියාන්විතයක්.

මෙවැනි සද්කාර්යකට අපේසමාගම දායක කරගනිමින් ඒ සඳහා අපට අවස්ථාව සලසාදීම පිළිබඳවමම Dialog, MAS, Hemas, CBL සහ Citi බැංකුවට බෙහෙවින්මස්තුතිවන්ත වෙන අතරේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් අපිසියලුදෙනාම ඉදිරියට පැමිණ අපට හැකි පමණින් ඒ වෙනුවෙන් අපේදායකත්වය ලබාදිය යුතු බව සඳහන් කර සිටිනවා.

එබැවින් අප හමුවේකුමන අභියෝගයන් පැවතියද මෙවැනි සාමූහික ප්‍රයත්නයක් හරහාදිනෙන් දිනම ශක්තිමත්ව ඉදිරියටම යන්නට අපි කැපවීමෙන් කටයුතුකරනවා. ශ්‍රී ලංකාවට යළි ශක්තිමත්ව නැගී සිටිය හැකි බව මගේවිශ්වාසයයි. සමාජීය යහපැවැත්ම අරමුණුකොටගත්  හවුල්කරුවන්සමඟ අත්වැල් බැඳගනිමින් එම අරමුණ යථාර්ථයක් බවට පත්කරන්නටඑක්වීමට ලැබීම අප සමාගමට මහත් සතුටක්.”

Dialog Axiata PLC හි Dialog Enterprise සමූහ ප්‍රධාන නිලධාරීනවීන් පීරිස් මහතා මෙසේ සඳහන් කළේය, “සමාජයේ යහපත උදෙසාක්‍රියාත්මක වන මේ මානුෂීය මෙහෙවරට තව තවත් හවුල්කරුවන්සම්බන්ධවනු දැකීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා.

මෙවැනිඅභියෝගාත්මක කාලසීමාවක් හමුවේ ‘මනුදම් මෙහෙවර‘ වැනි යහපත්සමාජ අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන මානුෂීය වැඩසටහනක්හරහා අපේ රටේ සංවර්ධනය පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් ඇතිකරන්න අපි සමත්වෙලා තිබෙනවා.

මිලියන 17 ක ග්‍රාහක සංඛ්‍යාවකටහිමිකම් කියන මෙරට පුළුල්තම ජාලය වශයෙන් රටට අත්‍යවශ්‍යමමොහොතේ දැඩි ලෙස පීඩාවට පත් අපේම ජනතාවගේ කුසගිනි නිවන්නටමෙවැනි ක්‍රියාන්විතයක් හරහා පෙරට ඒම සම්බන්ධයෙන් ඩයලොග්සමාගමේ අපි සැවොම නිහතමානීව ආඩම්බර වෙනවා.

සමාජීයයහපැවැත්ම අරමුණුකොටගත්  හවුල්කරුවන් සමඟ එක්ව දැඩි ලෙසපීඩාවට පත් පවුල් 200,000 කට අත්‍යවශ්‍ය හදිසි සහන සැලසීමවෙනුවෙන් අප විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ඉලක්කයේ අපිදැනටමත් සැලකිය යුතු කොටසක් සාක්ෂාත් කර ගෙන ඇත. මෙමසාමූහික ප්‍රයත්නය වෙනුවෙන් අප සමඟ එක්වන ලෙස මම මේ රටේ සෙසුසියලුම සමාගම්වලටද ඇරයුම් කරනවා. සාමූහිකත්වය හරහා අපටබොහෝ දේ ජයගත හැකීයි.”

 මෙම ප්‍රයත්නයට එක්වන ලෙසත් හදිසි සහන බෙදා හැරීමේ මෙහෙයුම්පුළුල් කිරීමට සහාය වන ලෙසත් ‘මනුදම් මෙහෙවර’ සියලු ආයතනයන්ටආරාධනා කරයි. වැඩි විස්තර සඳහා https://www.dialog.lk/corporateවෙත පිවිසෙන්න.