Saturday, April 20, 2024

General line - 0115112241

ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසා ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර වනු බවට අනාවැකියක්



මේවනවිට ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ යටතේ ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි දේශීය ඥාණය සහ සාම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සමන් වීරක්කොඩි පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළා. 

දරුවන්ගෙන් සියයට 50 ක ප්‍රතිශතයක් මේවනවිට කුමන හෝ පෝෂණ ගැටළුවකින් පෙළෙන බව ද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී අනාවරණ වුණා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ පෝෂණවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය ජානක මාරසිංහ. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන බැලුම්ගල යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.