Tuesday, April 23, 2024

General line - 0115112241

කෘෂිකර්මාන්තයට නව අරුතක් දෙන “උමන්දාව”




කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ, අන්කවරදාකටත් වඩා ආහාර අර්බුදයක් මතුවනු ඇති බවට පුරෝකථනයන් සිදුකර තිබීම හේතුවෙන්. බොහෝ පිරිස් දැනටමත් ගෙවතු වගාවන් ආරම්භ කර ඇති අතර රාජ්‍ය අනුග්‍රහය යටතේ ද මහා පරිමාණයෙන් වගා සංග්‍රාමයක් ක්‍රියාත්මකයි.

මෙවන් පසුබිමක කෘෂිකර්මාන්තයට නව අරුතක් දෙන “උමන්දාව” සම්බන්ධයෙන් ද සමාජයේ කතාබහක් මතුව තිබෙනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට වැඩම කළේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්ත බද්‍ර හිමියන්.

කාබනික ගොවිතැන සාර්ථකද ?

උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්ත බද්‍ර හිමියන් සඳහන් කළේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වන්නේ “කළ හැකි” යන මානසිකත්වය පමණක් බවයි.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකිය.