Wednesday, April 24, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වෙයි – නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න




බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට එරට ජනතාව බහුතර කැමැත්තක් ප‍්‍රකාශ කර තිබෙනවා. ඊයේ (23) පැවති එරට ඉතිහාසයේ තීරණාත්මකම ඡන්ද විමසීමේ සමස්ත ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කර අවසන් කෙරුණේ අද පෙරවරුවේයි. ඊයේ පැවති ඡන්ද විමසීමට සුදුසුකම් ලබාසිටි සංඛ්‍යාව මිලියන 46ක්. ඡන්ද පති‍්‍රකාවේ සදහන්ව තිබූ එකම වාක්‍ය වූයේ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස සිටිය යුතුද? නැතහොත් යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතුද යන්නයි.

එ් අනුව බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට එරට වැසියන්ගෙන් සියයට 51 යි දශම 9ක් ඡන්දය ප‍්‍රකාශ කර තිබුණා. බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් සියයට 48 යි දශම එකකගේ මතය වූයේ බි‍්‍රතාන්‍ය, තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස සිටිය යුතු යන්නයි.

යුරෝපා සංගමයට අයත් රටවල් සංඛ්‍යාව 28ක්. බෙල්ජියම, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ලක්සම්බර්ග් යන රටවල් සමග එක්ව පිහිටුවන යුරෝපා සංගමයට පළමුවෙන්ම එක්වූ රටවල් අතරටද බි‍්‍රතාන්‍ය අයත්.

ප්‍රතිඵල බලන්න මෙතනින්