Friday, March 29, 2024

General line - 0115112241

එළවළු සහ පළතුරුවලින් සියයට 40 ක් අපතේ යන බව නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි




මේ වන විට බොහෝ දෙනෙකු ඉදිරියේදී ඇතිවිය හැකි කියන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ගෙවතු වගා සිදුකරමින් සූදානම් වෙමින් සිටිනවා. එවන් පසුබිමක නවතම සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු අස්වැන්නෙන් සියයට 40 ක් පාරිභෝගිකයා අතට පත්වීමට පෙර විනාශ වන බවයි. 

මේ, එම සමීක්ෂණය පිළිබඳ අදහස් පළ කළ මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය, ඉංජිනේරු අමිල තිබ්බටුවාව.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. මෙම වැඩසටහනට ශ්‍රී ලංකා ප්‍රවාහන හා කාර්යෝපාය සංගමයේ සභාපති ආචාර්ය, ඉංජිනේරු තිස්ස ලියනගේ ද සහභාගී වුණා. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති දුර්වලතා සහ ඊට ඇති සැලසුම් පිළිබඳ ඔහු පළ කළේ මෙවන් අදහසක්.

මෙම අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.