Saturday, April 20, 2024

General line - 0115112241

ලොව වේගවත්ම හිටපු කාන්තාව පරදියි – නව වාර්තාව මෙන්න (VIDEO)




2008 බීජිං සහ 2012 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලවලදී ලොව වේගවත්වම කී‍්‍රඩිකාව ලෙස අභිෂේක ලැබූ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ප්‍රෙසර් මෙවර රියෝ ඔලිමිපික් කී‍්‍රඩා උළලේදී පරාජය කිරීමට ජැමෙයිකාවේම එලෙයින් තොම්සන් අද (14) අලුයම පැවැති තරගයේදී සමත් වුණා.

එ් මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්. එම ඉසව්ව තත්පර 10.71 නිම කළ 24 හැවිරිදි එලෙයින් තොම්සන් මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළලේදී ලොව වේගවත්ම කාන්තාව බවට පත් වුණා.

ෂෙලී ඈන් ප්‍රෙසර් ඉකුත් ඔලිම්පික් කී‍්‍රඩා උළෙල දෙකේදී දැක් වූ දක්ෂතාවට වඩා කැපී පෙනන දක්ෂතාවක් රියෝ ඔලිම්පික් උළලේදී දැක්වීම විශේෂත්වයක්.

මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ අමෙරිකාවේ ටොරි බෝවි. ඇය තත්පර 10.83 ක දක්ෂතාවක් වාර්තා කළා. පිට පිටම ඔලිිම්පික් කි‍්‍රඩා උළෙල දෙකකදීම ලොව වේගවත්ම කාන්තාව බවට පත් වූ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ප්‍රෙසර්ට හිමි වූයේ ලෝකඩ පදක්කමයි. ඇගේ දක්ෂතාව තත්පර 10.86 ක් වුණා.

 

14031025_10210360506355335_2075770929_n