Monday, June 27, 2022

General line - 0115112241

අග්නිපත් යෝජනා ක්‍රමයට එරෙහිව ඉන්දියාවේ තවදුරටත් විරෝධතා

345Views



 

අග්නිපත් යෝජනා ක්‍රමයට එරෙහිව ඉන්දියාවේ ප්‍රාන්ත රැසක තවදුරටත් විරෝධතා ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය පවසනවා. පවතින තත්ත්වය හමුවේ අද දිනයේදීත් ප්‍රාන්ත රැසක දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවුණා. ඒ විරෝධතාකරුවන් විසින් දුම්රිය හා දුම්රිය ස්ථානවලට ගිනිතැබීම හේතුවෙන්. 

කෙසේවෙතත් විරෝධතා මාලාව මෙහෙයවන බවට සැකකෙරෙන පුද්ගලයින් කිහිපදෙනෙකු ඉන්දීය පොලීසිය මේවනවිට අත්අඩංගුව ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතර හිටපු ඉන්දීය හමුදා සාමාජිකයෙකු ද වන බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇතැමුන් සමාජ මාධ්‍ය මගින් පිරිස් රැස්කර විරෝධතා සඳහා එම පිරිස් මෙහෙයවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 

ඉන්දීය හමුදාවට නව සාමාජිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් වූ අග්නිපත් ක්‍රමයට එරෙහිව මෙම විරෝධතා ක්‍රියාත්මකයි. කෙටි කාලීන පදනමක් මත සන්නද්ධ හමුදාව සඳහා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අග්නිපත් යෝජනා ක්‍රමය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නව යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 17 ත් 21ත් අතර සෙබළුන් 46,000 ක් පමණ මේ වසරේදී හමුදා සේවයට බඳවා ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.