Thursday, April 25, 2024

General line - 0115112241

ගිලිහි ගිය උඩ පන්දුවල පිහිටෙන් ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්




ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 03 වන එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 291ක් රැස් කර ගනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නියැලුණු ට්‍රැවිස් හෙඩ් පන්දු 65කදී නොදැවී ලකුණු 70ක් රැස් කිරීමට සමත්වූවා. එයට අමතරව නායක එරෝන් ෆින්ච් ලකුණු 62, ඇලෙක්ස් කේරි ලකුණු 49ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 33ක් රැස් කරනු ලැබුවා.

අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් විසින් ලබාදුන් උඩ පන්දු 05ක් ගිලිහි යෑම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර එසේ නොවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අද තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පාලනය කිරීමට ඉඩ තිබු බවයි ජාත්‍යන්තර විස්තර විචාරකයින් සඳහන් කර සිටියේ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 49 කට කඩුලු 03ක් දවා ගනු ලැබූ අතර, දුෂ්මන්ත චමීර, ධනංජය සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වූවා.