Friday, March 29, 2024

General line - 0115112241

රුසියාව චීනයේ ඉන්ධන වෙළඳපොලත් අල්ලයි




චීනයේ විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට රුසියාව පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේන යුද්ධය හමුවේ බටහිර සහ යුරෝපානු රටවල් රැසක් රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ අතර රටවල් රැසක් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම ද නතර කලා.
 
ඇතැම් රටවලට සිදුකරන බොරතෙල් අපනයනය නතර කලේ රුසියාවේ තීරණයටක අනුවයි. එහි ප්‍රතිපලයක් ලෙස රුසියාව සිය මිත්‍ර‍ශීලී රටවලට සිදු කරන බොරතෙල් සැපයුම වැඩි කර තිබෙනවා. ආසියානු රටවල් ඒ අතරින් ප්‍රධාන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
එවන් පසුබිමක් තුල චීනය ද රුසියාවෙන් සිදු කරන බොරතෙල් ආනයනය ඉහල දමා තිබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙසයි රුසියාව චීනයේ විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට පත්ව ඇත්තේ. මීට පෙර එම ස්ථානයේ පසුවුනේ සවුදි අරාබියයි.

කෙසේවෙතත් රුසියාව චීනයට බොරතෙල් සපයන්නේ විශේෂ වට්ටම් වලට යටත්ව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනය සැලකෙන්නේ ලොව විශාලතම බොරතෙල් ආනයනකරුවා ලෙසයි.

මේ අතර ඉන්දියාවේ දෙවන විශාලතම බොරතෙල් සැපයුම්කරු බවටද රුසියාව පත්ව ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.