Wednesday, April 24, 2024

General line - 0115112241

මලයාසියාවේ සුළු ජාතීන්ට එරෙහි හිංසනයන් ඉහළට




මලයාසියාවේ ෂියා සහ අහමදියා ඇතුළු සුළු ජාතීන්ට එරෙහි හිංසනකාරී ක්‍රියා ඉහළ ‍ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

 මෙළෙස හිංසන සහ නිකායවාදය උත්සන්න වීම රටේ මානව හිමිකම් තත්ත්වය අහිතකරවීමක් ලෙසයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මලයාසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් ෆයිසාල් මුසා එරට ෂියා සහ අහමදියා ඇතුළු සුළු ජාතීන්ට එරෙහිව පවතින නිකායවාදය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

එම සුළුතර ප්‍රජාවේ දරුවන්ට ඉගැන්වීම ප්‍රතික්ෂේප කිරීමට පවා ඇතැම් ගුරැවරුන් කටයුතු කරන බවයි ඔහු අනාවරණය කර ඇත්තේ. 

බ්‍රිතාන්‍ය යටත්විජිතකරණය හරහා හදුන්වා දුන් ඉස්ලාමීය දෙපාර්තමේන්තුව හරහා සුළු ජාතීන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නියාමනය කරන බවට ද ඔහු ‍චෝදනා නගා තිබෙනවා.

මැලේසියාවේ ආගමික කටයුතු සඳහා වූ ෆට්වා කමිටුව විසින් 1996 දී සුන්නි ඉස්ලාමය රට තුළ පිළිගැනීමට කටයුතු කළ අතර ෂියා ඉස්ලාම් දහම විකෘති ආගමක් ලෙස හංවඩු ගසමින් ආගමික නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.