Friday, April 26, 2024

General line - 0115112241

අසලංක මංගල එක්දින ශතකය වාර්තා කරයි : දුවද්දී දැවී යෑම් 03ක් නිසා ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙයි




සංචාරක ඔස්ට්‍රේලියාව කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වෙනි එක්දින තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 49ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 258ක් රැස් කිරිමට සමත් වුණා.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුණු 34ක් තුලදී දැවී ගියා.

නමුත් ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් ධනංජය සිල්වා සහ චරිත් අසලංක සිව්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණ 101ක සම්බන්ධතාවයක් ගොඩ නගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කල චරිත් අසලංක සිය මංගල එක්දින ශතකය වාර්තා කල අතර ඔහු ලකුණු 110කට දැවී ගියා. ධනංජය සිල්වා ලකුණු 60 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 280-290ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් කර යෑමට ඉඩ තිබුණද, කඩුලු අතර දිව යෑමේ දී ඇතිවූ දුර්වලකම් හේතුවෙන් දසුන් ශානක ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකු දුවද්දී දැවී යෑම හේතුවෙන් එම අවස්ථාව මග හැරී ගියා.