Saturday, April 20, 2024

General line - 0115112241

රුසියාවට එරෙහිව යන්නැයි ඉන්දියාවට බල නොකරන බව ඇමරිකාව කියයි




ඉන්දියාව සමඟ ඇති සබඳතාවය තුළ එක්සත් ජනපදය දිගුකාලීන අරමුණක් සහිතව කටයුතු  කරමින් සිටින බවත්  රුසියාවට එරෙහි සම්බාධකවලට සම්බන්ධ වීමට ඉන්දියාවට බල කිරීමට උත්සාහ නොකරන බවත් ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

 එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් එරට පැවති දේශනයක් අතරතුර පවසා ඇත්තේ, "ඉන්දියාව ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් බවත් ඔවුන් තමන්ගේම තීරණ ගනු ඇති බවත්ය.

ඉන්දියාවට දේශන පැවැත්වීමට හෝ නිශ්චිත ප්‍රතිඵලයක් සඳහා අවධාරණය කිරීමට කටයුතු නොකරන බව ද ඔහු අවධාරණය කරනවා.

ඉන්දියාව යුක්රේනය සමඟ , රුසියාවට එරෙහිව පෙල ගැසෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද එය සිදුවූයේ නැහැ.

මේ පිළිබද අදහස් දක්වමින් ජේක් සුලිවන් තවදුරටත් පැවසුවේ,  බටහිර ලෝකය විසින් පනවන ලද රුසියානු සම්බාධකවලට සම්බන්ධ නොවීම මත එක්සත් ජනපදය ඉන්දියාව විනිශ්චය නොකරන බවයි.

සියලු තත්වයන් මැද ඇමරිකාව ඉන්දියාව සමඟ ගැඹුරු, ගෞරවනීය සහ උපායමාර්ගික සම්බන්ධතාවක් පවත්වමින් සිටින බවද ඔහු සදහන් කරනවා.