Saturday, April 20, 2024

General line - 0115112241

30 වසරකට පසුව ශ්‍රී ලංකාව මව් බිමේදී අලුත් කළ වාර්තාව




සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව පිල සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති සිව්වන එක්දින තරගයේ දී ඔවුන්ව ලකුණු 04කින් පරාජය කරමින්.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මීට වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට සමත් වුවා. ඒ වසර 30කට පසු සිය මව් බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අත් කර ගැනීමට සමත්වීමත් සමගයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පරාජය කර තරඟාවලි ජයග්‍රහනයක් අත් කරගෙන ඇත්තේ 1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුවයි.

ලකුණු 259ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 254ක් ලබා ගනු ලැබුවා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් රැස් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධනංජය සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න කඩුලු 02ක බැගින් දවා ගනු ලැබුවා.

තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 49කදී සියලු දෙනා දැවී ලකුණු 258ක් රැස් කර ගනු ලැබුවා. එහිදී චරිත් අසලංක සිය මංගල එක්දින ශතකය රැස් කරමින් ලකුණු 110ක් ලබා ගත්තා. ධනංජය සිල්වා ලකුණු 60ක් රැස් කරගනු ලැබුවා.

දෙරට අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන සිකුරාදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.