Wednesday, April 24, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක් - 250 ක් මියයයි




ඇෆ්ගනිස්ථානයේ කොස්ට් ප්‍රදේශයට කිලෝ මීටර් 44 ක් පමණ දුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ පක්ටිකා ප්‍රදේශයටයි. 

එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි සහ නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර සුන්බුන්වලට යටවී පුද්ගලයින් 250 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාලකරුවන් 150 දෙනෙකුට අධික පිරිසක් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. භූ කම්පනය සිදුව තිබුණේ අද අලුයමයි. 

එම අවස්ථාවේදී බොහෝ පිරිසක් සිය නිවෙස් තුළ නිදා සිටි බැවින් බොහෝ පිරිසක් එලෙස සුන්බුන්වලට යටවී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර භූ කම්පනයේ බලපෑම පකිස්තානයේ මෙන්ම ඉන්දියාවේ ඇතැම් නගරවලට ද දැනී ඇති බව යුරෝපීය හා මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.