Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හල් අසල නොසන්සුන් ලෙස හැසිරුණු 04 දෙනෙකු අත්අඩංගුවට




ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් සිව්දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් තිදෙනෙකෙු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න පැලවත්ත ඉන්ධනහල අසල දී සිදුවූ නොසන්සුන් සිද්ධියක් සම්බන්ධයෙන්.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී කාලයේ දී පැලවත්ත ඉන්ධනහල අසල දී රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ගේ හා යුද හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කරමින් හා මහජන සාමය කඩවන අයුරින් සැකකරුවන් බීමත්ව කලහකාරීව හැසිරී ඇති බවයි.

එමෙන්ම නිකවැරටිය මාගල්ලේගම ප්‍රදේශයේ ද ඉන්ධන පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරෙමින් එහි සේවකයින්ව සාපරාධී බියගැන්වීම් කළ බව කියන තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.