Thursday, April 25, 2024

General line - 0115112241

බණ්ඩාරගමදී ඉන්ධන බවුසරයක් ජනතාව භාරයට

බිමල් ශ්‍යාමන් ජයසිංහ




දින 5කින් ඉන්ධන නොලැබීම හේතුවෙන් ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරයක් පාරිභෝගිකයන්ගේ භාරයට ගත් පුවතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ජනතාව පසුගිය දින කිහිපයේම පෙට්‍රල් බලාපොරොත්තුවෙන් බණ්ඩාරගම නගරයේ පිහිටි මෙම ඉන්ධන හල අසල පෝලිමේ රැඳී සිටි බවයි. 

තමන්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් ඊයේ රාත්‍රීයේ මාර්ගයේ ධාවනය වූ ඉන්ධන බවුසරයක් නවතා සිය භාරයට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් ඔවුන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට මෙන්ම බවුසරයේ රියදුරුට හා සහායකයාට ද කිසිදු හිරිහැරයක් නොවන පරිදි සිය විරෝධය පළ කළා. 

පසුව එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ අද දින ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු වීමත් සමඟ  බවුසරය එම ස්ථානයෙන් පිටත් කර හැරීමට විරෝධතාකරුවන් කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.