Tuesday, April 23, 2024

General line - 0115112241

විශේෂ ඉන්දීය දුත පිරිස මෙරටට පැමිණෙයි




ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ සිව් දෙනෙකු ගෙන් යුත් විශේෂ දූත පිරිස අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා විසින් හොබවනු ලබනවා.

ඉන්දියාවට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින උදෑසන 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඉන්දීය දුත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.