Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෝක ක්‍රිකට් පිටියේ ඉහලට එසවෙයි




ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ධනංජයද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
 
ඒ අනුව එක් දින පිටියේ ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් විසිදෙනා අතරට ඔහු පැමිණ ඇත්තේ පළමුවරටයි. නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ධනංජය 14 වන ස්ථානයේ පසු වනවා.
 
එක්දින පිතිකරුවන් අතර ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 69 වන ස්ථානයේත් ස්ථාන 10 ඉදිරියට පැමිණෙමින් එක්දින පන්දු යවන්නන් අතර 62 වන ස්ථානයට ඔහු ශ්‍රේණිගත වී තිබෙනවා.
 
සිව්වන එක්දින ක්‍රිකට් තරඟයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් රැස් කළ චරිත් අසලංක නවතර ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 19ක් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. ඔහු නවතම ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ 32 වන ස්ථානයේයි.
 
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.