Saturday, April 20, 2024

General line - 0115112241

මේ මාසයේ හත්වන වතාවටත් චීන ගුවන් යානා තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරයි




මේ මාසයේ හත්වන වතාව  සනිටුහන් කරමින් තවත් චීන හමුදා ගුවන් යානා තුනක් තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය (ADIZ) උල්ලංඝනය කර ඇති බව වාර්තාවනවා.

තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව චීන මහජන විමුක්ති හමුදා ගුවන් හමුදාවේ (PLAAF) Shenyang J-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් සහ Shaanxi Y-8 ප්‍රති සබ්මැරීන යුද ගුවන් යානයක් තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපයේ නිරීක්ෂණය කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන්, ගුවන් යානා යැවීමට, ගුවන්විදුලි අනතුරු ඇඟවීම් විකාශනය කිරීමට සහ චීන විමුක්ති ගුවන් හමුදාවේ ගුවන් යානා නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති යෙදවීමට තායිවානය කටයුතු කර ඇති බව සදහන්.

මේ මාසය තුළ පමණක් මේ වන විට චීනය තායිවානයේ ගුවන් කලාපයට ප්‍රහාරක ජෙට් යානා හතක් සහ ස්පෝටර් ගුවන් යානා හතරක් ඇතුළුව ගුවන් යානා 11ක් යවා ඇති බව තායිවාන පුවත් වාර්තා කර තිබෙනවා. 
 
2020 සැප්තැම්බර් මාසයේ සිට, චීනය තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනා ගැනීමේ කලාපය වෙත නිතිපතා ගුවන් යානා යැවීමේ උපක්‍රම භාවිතය වැඩි කර ඇති අතර බොහෝ සිදුවීම් එහි නිරිතදිග කෙළවර ඉලක්ක කරගනිමින් සිදුවන බව ද සදහන්. 

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ දත්තවලට අනුව, 2021 දී, චීන හමුදා ගුවන් යානා තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපය වෙත දින 239ක් තුළ අවස්ථා 961ක දී ඇතුළු වී තිබෙනවා.