Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන පෝලිමක තවත් මරණයක්




ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමක රැදී සිටි තවත් පුද්ගලයකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරවුම්හලක් අසල රැදී සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්. දින ගණනාවක් තිස්සේ මෙම පිරවුම්හල අසල දිගු පෝලිම් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු ඉන්දික සංජීව විතාන පැවසුවේ.

මේ අතර අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වී තිබෙනවා. මේ හේතුවෙන් අද සහ හෙට දිනයේදී සීමිත පෙට්‍රල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරිමට කටයුතු යොදා ඇත්තේ. කෙසේ වෙතත් ‪ඔටෝ ඩීසල් නිකුත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.
ඉන්දික විතාණ