Thursday, April 25, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ සිට නීතිවිරෝධි අයුරින් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මෝටර් රථ (PHOTOS)




නීතිවිරෝධී අයුරින් බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථ 05ක්, විදේශීය මත්පැන් තොගයක් සහ ලිහිසි තෙල් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් බහාලුම් දෙකක තිබී සොයා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුදත්ත සිල්වා සඳහන් කළේ මෙලෙස සොයා ගනු ලැබූ මෝටර් රථ ඇතුළු භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 150කට අධික බවයි.

රේගු ආදායම් අංශය විසින් සිදුකළ පරික්ෂා කිරීම් වලදී එක් බහාලුමක තිබී BMW වර්ගයේ මෝටර් රථ දෙකක් සහ විස්කි වර්ගයේ මත්පැන් සහ ලිහිසි තෙල් තොගයක් හමුවී ඇත.

සිදුකල පරික්ෂා කිරීම් වලදී තවත් බහාලුමක තිබී කොටස් කරන ලද බෙන්ස් වර්ගයේ මෝටර් රථ 02ක්, BMW වර්ගයේ මෝටර් රථයක් සහ ෆියැට් වර්ගයේ මෝටර් රථයක් ද සොයා ගෙන තිබෙනවා. 

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෙම භාණ්ඩ රාජසන්තක කිරීමට සහ අදාළ භාණ්ඩ ගෙන්වූ පුද්ගලයින්ට දඩ මුදල් පැනවීමක් සිදුකිරීමට නියමිත බවයි.