Thursday, March 28, 2024

General line - 0115112241

වැඩි මිලට සහල් විකුණන වෙළදුන් සොයා අඛණ්ඩව වැටලීම්




වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසැල් සොයා සිදු කරන වැටලීම් තවත් දැඩි කර තිබෙනවා. ඒ අනුව සිය ප්‍රධාන කාර්යාලය මඟින් විශේෂ වැටලීම් කණ්ඩායම් සියලු දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ. 

වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සොයා මේ වන විටත් වැටලීම් දෙදහසකට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙලඳුන් 186ක් සහ මිල ප්‍රදර්ශනය නොකර සහල් අලෙවි කිරීම, සහල් විකිණීම ප්‍රතික්ෂේප කළ වෙලඳුන් 479ක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇති බවද එම අධිකාරිය සදහන් කළා. ඔවුන්ට එරෙහිව නඩු පැවරීම්ද සිදු වනවා.

ඉකුත් දින කිහිපයේ ඔවුන්ගෙන් 24 දෙනෙකුට නඩු පවරා ඇති අතර ඉන් පුද්ගලයින් 22ක්ම වැරදිකරුවන් වී තිබෙනවා. ඔවුන්ට අධිකරණ මගින් පනවා ඇති දඩ මුදල රුපියල් මිලියන තුනයි දශම දෙකක්. ඒ අතරට රුපියල් ලක්ෂය බැඟින් වූ දඩ නියම වී ඇත්තේ වෙළඳ ආයතන 19කටයි. 

සුපිරි වෙළඳසැල් දෙකක් සඳහා රුපියල් ලක්ෂ පහ බැඟින් වූ දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියම කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.