Thursday, April 25, 2024

General line - 0115112241

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය කියයි




13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර මැතිවරණ ක්‍රමය නිවැරදි කිරීමෙන් මිස කිසි ලෙසකින් හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව බුද්ධ ශාසන කාර්්‍යසාධක මණ්ඩලය පවසනවා. 

රජය සහ සියලු පක්ෂ නායකයින් වෙත සංදේශයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළා. එම සංදේශයෙන් කරුණු කිහිපයක් පෙන්වා දෙනවා. 

රටට වහා අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන ද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳ හා රාජ්‍ය සම්පත් විකුණා දැමීම, මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතය හා දූෂණය පිටුදැකීම ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳ එම සංදේශයෙන් පෙන්වා දෙනවා.