Friday, April 19, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙකුට පහරදුන් යුද හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට




වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කළ යුද හමුදා නිලධාරියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාව සඳහා වරකාපොල පොලීසියේ නිලධාරීන් දෙදෙනකු සහ බෝයගනේ යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු මෙන්ම සෙබළුන් කිහිපදෙනෙකු අනියුක්ත කර සිටි බවයි පොලීසිය පැවසුවේ. 

එහිදී ඇතිවූ බහින්බස්වීමකදී පොලිස් සැරයන්වරයෙකු සහ යුද හමුදා ලුතිතන්වරයෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා. තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. සිද්ධියට අදාළ සැකකාර යුද හමුදා ලුතිතන්වරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.