Thursday, April 25, 2024

General line - 0115112241

ගෑස් අර්බුදයේ විසදුම අගෝස්තු 10 තෙක් කල් යන ලකුණු




මෙරට ගෑස් අර්බුදය විසදීම සඳහා ඉදිරියේදී අඛණ්ඩව ගෑස් ආනයනය කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ යටතේ ගෑස් අඩංගු පළමු නැව් දෙක ලබන මස 05 ත් 12 ත් අතර කාලය තුළ මෙරටට පැමිණීමට නියමිතයි. මෙට්ට්‍රික් ටොන් 7,000 බැඟින් වූ ගෑස් නෞකා දෙකක් එලෙස පැමිණෙනු ඇති. ඊට අමතරව මෙට්ට්‍රික් ටොන් 25,000 ක් අඩංගු ගෑස් නෞකාවක්ද දිවයිනට ළඟාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

පවතින ගෑස් අර්බුදය විසදීම සඳහා දෛනිකව නිකුත් කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණය 80,000 දක්වා ඉහළ දැමීමට මේ වන විටත් සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළා. 

ඊට අමතරව කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර් 20,000 බැඟින් දෛනිකව වෙළඳපොලට නිකුත් කිරීමට ද නියමිතයි. 

ඒ අනුව පළමු නෞකා දෙක මෙරටට ලැබීමෙන් අනතුරුව අගෝස්තු මස 10 වනදා පමණ වන විට රට තුල පවතින ගෑස් හිඟය බොහෝ දුරට අවසන් කිරීමට හැකි වෙතැයි ලිට්‍රෝ සමාගම විශ්වාසය පළ කරනවා.