Friday, April 26, 2024

General line - 0115112241

රටට ඩොලර් ගෙනෙන තේ නිෂ්පාදනයත් අඩු වෙයි




රට පත්ව ඇති ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඩොලර් අර්බුදයයි. රටට ඩොලර් ගෙනෙන ප්‍රධාන මාර්ගයක් වන තේ කර්මාන්තයද මේ වන විට අර්බුදයකට පත්ව තිබෙනවා. ඒ, ඉන්ධන අර්බුදය හේතුවෙන්. තේ කර්මාන්ත හිමියන් පවසන්නේ ඉන්ධන ගැටලුව හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

ඉන්ධන ගැටලුව මෙන්ම කර්මාන්ත ශාලාවලට අවශ්‍ය දර සපයා ගැනීමට ද මේ වන විට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ඩබ්ලිව් ජිනදාස පැවසුවා.

පොහොර අර්බුදය හේතුවෙන් කර්මාන්ත ශාලා වෙත ලැබෙන තේ දළු ප්‍රමාණය ද අඩුවී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයෙන්ද විමසීමක් කළා. එහි සභාපති ජයන්ත කරුණාරත්න පැවසුවේ බාධා එල්ල වුවද කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. 

මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ ඉකුත්දා පැවසුවේ තේ කර්මාන්ත ශාලා සඳහා ඩිපෝ මඟින් ඩීසල් ලබාදීමට පියවර ගන්නා බවයි.