Friday, April 19, 2024

General line - 0115112241

රජයේ සේවකයින් පෞද්ගලික අංශයේ රැකියා වෙත යොමු කිරීමට රජයේ අවදානය




රාජ්‍ය සේවකයින් මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා වෙත යොමු කරවීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය වී තිබෙනවා. ඊට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් කමිටුවක් ද පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙහිදි අධ්‍යයනය කරන බවයි. සති දෙකක් ඇතුළත කමිටු වාර්තාව ලබා ගැනීමට නියමිත අතර එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

ඇතැම් විදෙස් රටවල මේ වන විටත් මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනවා. එහිදී සිදු වන්නේ විශ්ව විද්‍යාලවලින් උපාධි සම්පූර්ණ කරන සිසුන් රජය ගෙවන වැටුප් මත පෞද්ගලික අංශයේ රැකියා වෙත යොමු කිරීමයි. ඔවුන්ගේ ඵලදායිතාවය වැඩි කිරීම එහි අරමුණ වනවා.