Friday, April 19, 2024

General line - 0115112241

සහල් හා වී ගැන ආණ්ඩුව තවත් තීරණයක් ගනී




සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම වලක්වාලමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව සහල් හෝ වී සත්ත්ව ආහාර නිශ්පාදනය සඳහා සෘජුවම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ත්ව ආහාර නිපදවීමට යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ නොහැකි බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. ඊට අමතරව තොග රැස් කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීමද සිදු කළ නොහැකි වනවා. 

සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම වලක්වාලමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ සිට බලපැවැත්වෙන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.