Friday, April 26, 2024

General line - 0115112241

අභියෝග හමුවේ රූබලය ශක්තිමත් කිරීමට රුසියාව ගත් පියවර




ගෝලීය අර්බුද හමුවේ ලෝකයේ රටවල් රැසක මුදල් ඒකකවල අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී තිබුනත් රුසියානු රූබල් ඒකකයේ අගය එලෙස දරුණු ලෙස පහල වැටී නැතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 

යුක්රේන ආක්‍රමණය හමුවේ අමෙරිකාව ප්‍රමුඛ රටවල් රැසක් සම්බාධක පනවා තිබුණත් රූබලය බාල්දු වීමට රුසියානු රජය ඉඩතබා නොමැති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. 

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබලය 85 ක් ලෙස පැවතුනත් ඉකුත් සතියේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබලය පැවතුනේ 53 ක් ලෙසයි. ඒ අනුව රූබලය අවප්‍රමානය වීම අවම කර ගත්තේ රුසියානු රජය හදිසියේ හදුන්වා දුන් ප්‍රතිපත්ති 03 ක් හේතුවෙන් බවයි ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ. 

ඉන් එකක් වන්නේ විදෙස්  මුදල් රට තුලම තබා ගැනීම සදහා රුසියානු මහ බැංකුව අනුගමනය කල ක්‍රියා මාර්ගයි. ඒ හරහා රුසියාව තුල ක්‍රියාත්මක විදෙස් සමාගමක් වුවත් ඔවුන්ගේ ආදායමෙන් යම් ප්‍රතිශතයක් රූබල්වලට පරිවර්තනය කල යුතු වනවා. එමගින් රට තුල ඩොලර් ඉතිරි වෙනවා සේම රූබලයට වටිනාකමක් එක් වනවා.

දෙවන ප්‍රතිපත්තිය වන්නේ ගෑස් අලෙවිය රූබල් මගින් සිදු කිරීමයි. ගෑස් වෙලදාම සදහා යුරෝ භාවිත කල රුසියාව යුක්‍රේන ආක්‍රමණයෙන් පසු ගෑස් අලෙවි කිරීමේදී ගෙවීම් සිදුකල යුත්තේ රූබල්වලින් බවට වන ප්‍රතිපත්තියක් ගෙන ආවා. එමගින් රූබලයට ඇති ඉල්ලුම ඉහල ගියා.

3 වන ප්‍රතිපත්ති වන්නේ ආනයන සීමා පැනවීමයි. එමගින් රට තුල පවතින ඩොලර් ගලා  යාමකින් තොරව රට තුල පැවතුනා.