Thursday, April 25, 2024

General line - 0115112241

ඩොලර් ගෙන එන්න ඉන්ධන දෙන්නැයි තේ කර්මාන්තකරුවන්ගෙන් රජයට ඉල්ලීමක්




පිරවුම්හල්වලින් බූලිවලට ඉන්ධන නිකුත් නොකිරීම හමුවේ විදුලිය කප්පාදු කරන කාලසීමාවලදී තමන්ට සිය කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි බව පහතරට තේ කර්මාන්තකරුවන් පවසනවා. 

අකුරැස්ස ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තේ කර්මාන්තශාලා හිමිකරුවකු වන ගුණසෝම වනිගසේකර පැවසුවේ රටට ඩොලර් ලබාදෙන තේ කර්මාන්ත ක්‍ෂේත්‍රය සදහා ඉන්ධන ලබාගැනීමේදී ප්‍රමුඛතාව ලබාදීමට බලධාරීන් කටයුතු කළයුතු බවයි.

ඉන්ධන ගැටලුව හේතුවෙන් පහතරට තේ කර්මාන්තකරුවන් මුහුණ දෙන තවත් ගැටලු කිහිපයක් ගැන කුඩා තේ වතු හිමියෙකු වන එච්.ජේ. ජයසිංහ එම මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පල කළා. 

පොහොර ගැටලුව හේතුවෙන් තේ දල්ලේ ගුණාත්මක භාවයට ද බලපෑම් එල්ල වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.