Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්ධන වෙනුවෙන් අදත් දිගු පෝලිම් : තැන තැන මහජන විරෝධතා




ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් තවදුරටත් ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනවාග ඉකුත් දිනවලට සාපේක්ෂව පෝලිම්වල රැදී සිටින ජනතාව වැඩි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. දිවා - රෑ නොබලා එළෙස වැඩි පිරිසක් පෝලිම්වල රැදී සිටින්නේ පෙට්‍රල් මිලදී ගැනීම සඳහායි. ඒල මෙට්ට්‍රික්ටොන් හතලිස්දාහක් රැගත් නෞකාව දිවයිනට ලගා වන දිනය බලධාරීන් තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති පසු බිමක් තුලයි.

 
කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්වල සිටි ජනතාව ඉන්ධන ලබා දෙන ලෙස බලකරමින් අද පෙරවරුවේ විරෝධතාවලද නිරත වුණා. 

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය ආමර් වීදියෙන් අවහිර කරමින් පිරිසක් විරෝදතාවයක නිරත වූයේ තමන්ට පෙට්‍රල් ලබා දෙන ලෙස බලකරමින්. 
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය හැටන් නගරයෙන් අවහිර කරමින් තවත් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. 

ඉකුත් නව වනදායින් පසු හැටන් ප්‍රදේශයට භූමිතෙල් තොග නොලැබුණු බවට විරෝධය පල කරමින් දෙදහසක පමණ පිරිසක් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධන මාර්ගයේ ධාවනය කළ විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමටයි පොලීසිය කටයුතු කළේ. 

මේ අතර ඉන්ධන ලබා දෙන ලෙස බල කරමින් පිරිසක් අනුරාධපුර ජයන්ති මාවත අසලින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර මාණිප්පායිල සොදිලිම්බු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශෙෂ කාර්ය බලකායේ යාපනේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එම ස්ථානයේ සඟවා තිබූ ඩීසල් ලීටර්  630ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

අත්අඩංගුවට ගැණුනු වයස 27 ක් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මානිප්පායි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
  
එලෙස නීති විරෝධී ලෙස ඉන්ධන එක් රැස් කළ පුද්ගලයින් 675දෙනෙකු ඉකුත් කාල සීමාවේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.