Friday, March 29, 2024

General line - 0115112241

රන් භාණ්ඩ තොගයක් සමඟ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

ටී.කේ.ජී.කපිල




රුපියල් එක් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගොන තිබෙනවා. ඇය එම ස්වර්ණාභරන සිය ශරීරයේ සූක්ෂම ලෙස සඟවාගෙන ඩුබායි සිට දිවයිනට පැමිණ ඇති බවයි රේගු නිලධාරීන් පැවසුවේ. 

ග්‍රෑම් 650 ක් පමණ බරැති මාළ, වළලු, මුදු සහ අත් පළදනා ඇතුළු මෙම ස්වර්ණාභරණ තොගය ඇය ප්ලාස්ටර් යොදා සිය ශරීරයේ සගවා ගෙන මෙරටට රැගෙනවිත් තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්.