Thursday, April 25, 2024

General line - 0115112241

සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් ප්‍රපාතයකට පෙරලී තරුණියක් ජිවිතක්ෂයට

ආර්.කේ.නිශ්ශංක




හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ ලූල්ලවත්ත ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් වයස අවුරුදු 19ක තරුණියක් මියගොස් තිබෙනවා. 

පොලීසිය පැවසුවේ එම අනතුරෙන් තවත් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර බවයි. බස්රථය එම ප්‍රදේශයේදී අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. එම අවස්ථාවේ බස්රථයේ පුද්ගලයන් 21 දෙනෙකු සිටි බවයි

නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වාරියපොල සිට මීමුරේ දක්වා ධාවනය වෙමින් තිබූ සංචාරකයින් රැගත් බස්රථයක්.