Saturday, April 20, 2024

General line - 0115112241

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් යලි ආනයනයට අවසර




අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ජුලි 01වනදා සිට ආනයනය කිරීමට යලි අවසර ලබාදෙන බව වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා. 

විෂය භාර අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසුවේ ඒ යටතේ හාල්, පාන් පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ලූණු, අල, වියලි මිරිස්, වියලි හාල්මැස්සන් සහ වටානා පරිප්පු ආනයනකරුවන්ට බාධාවකින් තොරව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙන බවයි.  

ආනයනනය කරන භාණ්ඩ නිදහස් කර ගැනීමේදී පවතින බාධාවන්ද මෙම ක්‍රමය හරහා මඟ හැරී යන බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසුවේ.