Wednesday, April 24, 2024

General line - 0115112241

හෙට ඇරඹෙන නෙත් එෆ් එම් ශිෂ්‍යත්ව වැඩමුළුව දරුවන්ට වැදගත් වන්නේ ඇයි ? ප්‍රවීන දේශක සරත් ආනන්ද ගෙන් පැහැදිලි කිරීමක්




මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධානය කරන ශිෂ්‍යත්ව වැඩමුළු මාලාවේ පළමු  වැන්න හෙට පෙරවරු 08ට අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලේදීයි ආරම්භ වනවා. 

එහිදී ශිෂ්‍යත්ව විභාගයට පිළිතුරු සපයන කෙටි ක්‍රම මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ දරුවන් දැනුවත් කරන බවයි එම වැඩසටහන මෙහෙයවන ප්‍රවීන දේශක සරත් ආනන්ද ගුරු පියාණන් පැවසුවේ.

මේ අතර  මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුලු විශේෂාංග රැසක්ද හෙට දිනයේ අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලේදී පැවැත්වෙනවා.
මෙවර නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සඳහා මැලිබන් ගෝල්ඩ් මාරි සහ ඇස්ට්‍රා පූර්ණ අනුග්‍රහය දක්වනවා.