Friday, April 19, 2024

General line - 0115112241

මාතර රෝහලට ගිය ප්‍රාදේශීය ලේකම්වරිය රෝහල් සේවකයින් රඳවා ගනී

ටී.කේ.මහින්ද




වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා මාතර මහ රෝහලට ඇතුළත් වූ මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි රෝහල් සේවකයන් විසින් රදවා තබා ගෙන තිබෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය වෙත ඉන්ධන ලබාගැනීමට අවසරපත් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරිය කටයුතු නොකිරීම හේතුවෙන් එළෙස ඇය රෝහලේ රඳවා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කෙසේ වෙතත් මාතර පොලීසියේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම්වරිය රෝහලෙන් පිටතට රැගෙනවිත් තිබෙනවා. පසුව ඇය මාතර පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.