Tuesday, April 23, 2024

General line - 0115112241

යල කන්නයේ වී කිලෝවක සහතික මිල 120ක් වන ලකුණු




එළඹෙන යල කන්නයේ වී කිලෝවක් මිලදී ගැනීමට සිදුවන අවම මිල රුපියල් 120 ක් දක්වා ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා විශ්වාසය පළ කරනවා. ඔහු කියා සිටියේ සහල් හිගයක් පිළිබඳ බිය පළවීමත් සමග ඉකුත් සමයේ වී කිලෝවක මිල රුපියල් 160 සීමාව දක්වා ඉහළ ගිය බවයි. 

එහෙත්, සහල් තොග වෙළඳපලට පැමිණීමත් සමග මේවනවිට වී මිල පහළ ගියද, යල කන්නයේ වී මිලදී ගැනීමේදී සහතික මිල ලෙස රුපියල් 120 ක මට්ටමක් පැනවීමේ ඉඩක් ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවා. 

පොහොර ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් මේවනවිට වී වගාව ආරම්භ කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 
කෘෂිකර්ම අමාත්‍යංශය ඊයේ තීරණය කළේ ලබන මස 06 වනදා සිට කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් සියලු ආයතනවල සේවකයින්ගේ නිවාඩු අත්හිටුවීමටයි. 

ඒ, යූරියා පොහොර කාර්යක්ෂමව බෙදාහැරීම සඳහායි. ඉන්දියාවෙන් මෙරටට ලැබෙන යූරියා මෙටි්‍රක් ටොන් 65,000 ලබන මස 07 වනදා සිට 15 වනදා දක්වා ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.