Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය රියදුරන් තෙල් පෝළිම්වල - දුම්රිය ගමන් වාරත් අඩු වීමේ අවදානමක්




ඉදිරියේදී දුම්රිය ගමන්වාර අවලංගුවීම් හෝ ප්‍රමාදවීම් ඉහලයා හැකි බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නීතීඥ කේ ඒ යූ කොන්තසිංහ පැවසුවේ රාජකාරිවලට වාර්තා කිරීමේදී දුම්රිය රියදුරන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බවයි. 

දුම්රිය රියදුරන් සේවයට වාර්තා කරනු ලබන්නේ සිය පෞද්ගලික රථ වාහනවලින් බවත්  ඒවාට ඉන්ධන සපයා ගැනීමට ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම්වල රැදී සිටීමට සිදු වන බවත් ඔහු මෙහිදී සඳහන් කළා. 

දුම්රිය ගමන් වාර නියමිත වේලාවට ආරම්භ කිරීම සඳහා සේවයට පැමිණෙන දුම්රිය රියදුරන් ඇතුලු කාර්ය මණ්ඩලයට පිරවුම්හල්වලදී ඉන්ධන ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ඔහු මෙහිදී කියා සිටියේ. 

මේ අතර මෙට්ට්‍රික් ටොන් 40,000 ක් අඩංගු පෙට්‍රල් නෞකාව දිවයිනට පැමිණෙන දිනය බලධාරීන් මෙතෙක් ප්‍රකාශ කර නැහැ. එහෙත් ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැදී සිටිනවා.