Friday, March 29, 2024

General line - 0115112241

භූමිතෙල් ලීටරයකින් රු.334ක අලාභයක් : පෙට්ට්‍රල් වලින් ලැබෙන ලාභය ගැන හෙළිවෙයි




අද පෙරවරු 2.00 සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට සිපෙට්කෝ සමාගම තීරණය කිරීමෙන් පසු එක් එක් ඉන්ධන වර්ග ආනයනය කිරීමේදී, ගොඩබෑම් ගාස්තු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නව මිල ගණන් සංශෝධනයෙන් අනතුරුව ඔක්ටේන් 92 වර්ගයේ ලීටරයක් රු.15.57ක්, පෙට්ට්‍රල් ලීටරයකින් රු. 68.61ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රු. 20.27ක් ලාභ ලබමින් සිටින බවයි අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති ලේඛණයේ දැක්වෙන්නේ.

එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 8.52ක් සහ භූමිතෙල් ලීටරයකින් රු. 334.39කින් තවමත් සිපෙට්කෝ සමාගම පාඩු ලබමින් සිටින බවද අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

සිපෙට්කෝ සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 50 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 100කින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු.60 කින් ද සහ ලංකා සුපර් ඩිසල් ලීටරයක් රු. 75කින් ඉහළ දමනු ලැබුවා.