Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්ධන හිඟයෙන් අධිවේගී මාර්ගයේ ආදායම් පහතට

බිමල් ශ්‍යාමන් ජයසිංහ




පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ වාහන ධාවනය අවම වීමෙන් දෛනිකව ලැබෙන ආදායම මිලියන 15-16ක් තෙක් අඩු වී ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග මෙහෙයුම් (නඩත්තු හා කළමනාකරණ) නිහාල් ලොඩිවික් ප්‍රකාශ කර සිටිනවා.

එය ඉන්ධන අර්බුදයට පෙර පැවති ආදායමෙන් අඩක් පමණ ආසන්නව අඩු වී ඇතැයි අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කොළඹ කටුනායක මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ග පද්ධතියන්හි  වාහන ධාවනය ඉන්ධන අර්බුදයට පෙර දිනකට 102,000 දක්වා ධාවනය වුවත් මේ වන විට වාහන 55,000 ත් 60,000 අතර ධාවනය වන බව සංඛ්‍යා ලේඛන වලින් තහවුරු වී ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය සියයට 53ක් බවත් ඉන්ධන අර්බුදයට පෙර අධිවේගී මාර්ග පද්ධතියෙන් දෛනිකව ලද ආදායම සාමාන්‍යයෙන් රුපියල් මිලියන 28ක් පමණ වූ බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.