Friday, March 29, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ශිෂ්‍යත්ව වැඩමුළුවට සිසුන් විශාල පිරිසක් : දෙමව්පියන්ටත් විශේෂ වැඩමුළුවක් (PHOTOS)

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශිෂ්‍යත්ව වැඩමුළු මාලාවේ පළමුවැන්න මේවනවිට පැවැත්වෙනවා. ඒ, අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලේදීයි. 

ප්‍රවීන දේශක සරත් ආනන්ද ගුරු පියාණන් මෙහෙයවන එම වැඩමුළුවේදී, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ව්‍යුහයටම සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙකක්, වැඩමුළුව සඳහා සහභාගී වන දූ දරුවන් වෙනුවෙන් නොමිලේ ලබා දෙනවා. 

එමෙන්ම විභාගයට පිළිතුරු සපයන කෙටි ක්‍රම, විෂය මාලාවේ වැදගත් කරුණු මෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ගත හැකි ආකාරය පිළිබඳව ද එහිදී දරුවන්ව දැනුවත් කෙරෙනවා. අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පෙරවරු 08ට ආරම්භ කෙරුණු මෙම වැඩමුළුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂාන්. 

ආයුබෝවන් අනුරංග.

10px; color: #cccccc;line-break: anywhere;word-break: normal;overflow: hidden;white-space: nowrap;text-overflow: ellipsis; font-family: Interstate,Lucida Grande,Lucida Sans Unicode,Lucida Sans,Garuda,Verdana,Tahoma,sans-serif;font-weight: 100;"> 