Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් අඩුකරන හැටි ඇමති හෙළිකරයි




පවතින තත්ත්වය අනුව පවතින සීමිත ඉන්ධන තොග ප්‍රමාණය ඉදිරියේදී බෙදාහැරිම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඊයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක කවුන්සිලයේදී තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගතව සිටින ජනතාව වෙත ඒ ඒ පිරවුම්හල්වලට ආවේනික අයුරින් සකස් කරනු ලැබූ ටෝකන් පතක් ලබාදීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එහිදී ආරක්ෂක අංශ විසින් අදාළ පෝලිම්වල සිටින පුද්ගලයින් ගේ දුරකථන අංකය පවා ලබා ගැනීම සිදුකරන අතර එහිදී ඒ ඒ පිරවුම්හල් වෙත ලැබෙන ඉන්ධන තොග අනුව බෙදාහැරිම සිදුකරනු ලබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වුවද පවතින ඉන්ධන තොග අනුව නිශ්චිතව සෑම පිරවුම්හලකට ඉන්ධන ලබාදීම සිදුකළ නොහැකි වුවද හැකි අයුරින් ඉන්ධන බෙදා දීමක් සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම ටෝකන් ලබාදීම සිදුකරන්නේ දැනට පිරවුම්හල් අසල රැඳී සිටින පිරිසක් පමණක් බවත් කෙසේ වුවද මහජනතාවට එලෙස ටෝකන් ලබා දෙනු ලබන්නේ මේ පවතින පෝලිම් අඩු කිරීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පවතින තත්ත්වය අනුව ජනතාව යලි යලිත් ඉන්ධන පෝලිම් සඳහා නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.