Friday, April 19, 2024

General line - 0115112241

කහතුඩුවේ නිවෙසක ඇතිවූ ගින්නෙන් තුවාල ලැබූ මව සහ පියා මියයයි




කහතුඩුව, දොලේකඩේ හංදිය ප්‍රදේශයේ පිහිටි නිවෙසක හටගත් ගින්නෙන් තුවාල ලබා සිටි සිව්දෙනාගෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ගින්නට හසුවීම හේතුවෙන් තුවාල ලබා සිටි එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනා අතර සිටි මව හා පියා එලෙස මියගොස් ඇති බවයි. 

ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ එම පවුලේ දරුවන් දෙදෙනා මේවනවිට කොළඹ ජාතික රෝහලේ හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.