Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන අර්බුධය නිසා ගාල්ලේ වෛද්‍යවරුන් ගත් තීරණය

ලලිත් චාමින්ද




ගාල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින් විශාල පිරිසකට ඉන්ධන ලබා ගැනිමට නොහැකිවිම නිසා ලබන අගහරුවාදා දින සිට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රිකක්යේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන වල හදිසිසේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරණ අතර අනිකුත් සියලු සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ඉන්ධන නිකුත් කිරිමේ දි  තිබු දුර්වල හා අවිධිමත් බව හේතුවෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින්ගෙන් සියයට 20ක ප්‍රමාණයකටවත් සිකුරාදා දින ඉන්ධන ලබාගැනිමට නොහැකි වු බවද  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පවසනවා.

මෙවන් පසුබිමක් තුල ඉන්ධන නොමැතිකම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට තම සේවාවන් පවත්වාගෙන යාමට නොහැකිව දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව පවසන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නම්කරණු ලැබු ඉන්ධන පිරවුම්හල් 04 මගින් ඉන්ධන ලබාගැනිමට යාමේ දි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින් සදහා පැය12 ත් 24 ක කාලයක් පොලිම්වල කාලය ගතකිරිමට සිදුවු බවද කරාපිටිය ශාඛාව සඳහන් කර සිටින්නේ. 

සිකුරාදා දින මෙකි ඉන්ධන පිරවුම්හල් හතර මගින්  ඉන්ධන නිකුත් කිරිම සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා පමණක් බවට දැනුවත් කොට තිබුනද එම පිරවුම්හල් හතර මගින්  අනෙකුත් අත්‍යවශ්‍ය සේවා හා සාමාන්‍ය රථවාහන සදහාද ඉන්ධන නිකුත් කිරිමට කටයුතු කර තිබු බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පැවසුවේ. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් හා අනිකුත් සෞඛ්‍ය වෘත්තිය සංගම් මහත් පරිශ්‍රමයක් දරා ලබාගත් මෙම පහසුකම් හරහා අහිංසක රෝගින්ගේ ජිවත රැකගැනිම සදහා වන පරිශ්‍රමය දියකරහැරිමට පරිපාලනය කටයුතු කරමින් සිටින බවද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පෙන්වා දෙන්නේ.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ඉන්ධන ලබාගැනිමට සියලු පාර්ශව එක්කොට ගත් විදිමත් වැඩපිළිවෙළක් සකස් කිරිමට කටයුතු කරණ ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ වෙත ද මේ පිළිබද ලිඛිතව දැනුම් දි ඇත.