Thursday, April 25, 2024

General line - 0115112241

හෙට සිට පැය 03 ක් දිවා රෑ විදුලිය කැපෙයි




දෛනික විදුලි කප්පාදුව විනාඩි 30 කින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව හෙට සිට ජූලි මස 03 වනදා දක්වා දෛනිකව පැය 03 ක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.
 
විදුලි කප්පාදු කෙරෙන නව කාලසටහනට අනුව A සිට L සහ P සිට W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත්තේ.  
 
කෙසේවෙතත් CC කලාපය සඳහා ජූලි මස 02 වනදා සහ 03 වනදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 6 සිට උදෑසන 08  දක්වා පැය 02 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.
 
මේ අතර M,N,O,X,Yසහ Z යන කලාප සඳහා ද ජූලි මස 02 වනදා සහ 03 වනදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 5 සිට උදෑසන 08  දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.