Saturday, April 20, 2024

General line - 0115112241

අලෙවි කිරිමට ඇති යතුරුපැදි මගින් ඉන්ධන රැස්කර වැඩිම මිලට අලෙවි කිරීමේ ජාවාරමක්

බිමල් ශ්‍යාමන් ජයසිංහ




ප්‍රදර්ශනාගාරවල අලෙවි කිරීමට තබා ඇති යතුරුපැදි විවිධ පුද්ගලයින්ට ලබාදී ඒවායෙන් ඉන්ධන තොග රැස්කර වැඩිමිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. 

එවැනි යතුරුපැදි භාරදෙන පුද්ගලයින්ට එම යතුරුපැදි ධාවනය කිරීමට නොහැකි වුවත්, ඔවුන් තමන්ට හිමිවන යතුරු පැදිය තල්ලු කරගෙන ගොස් ඉන්ධන ලබාගැනීම සිදුකරන බවටයි අනාවරණ වී ඇත්තේ. එලෙස සිය යතුරුපැදි විවිධ පුද්ගලයින්ට ලබාදී ඉන්ධන තොග රැස්කර ගන්නා යතුරුපැදි ප්‍රදර්ශනාගාර හිමිකරුවන් එම ඉන්ධන තොග වැඩිමිලට අලෙවි කරන බව ද නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. 

මේදිනවල යතුරුපැදි අලෙවිය පහළ ගොස් ඇති බැවින් අලෙවියට ඇති යතුරුපැදි මගින් ඉන්ධන තොග රැස්කර ඒවා අලෙවි කිරීමට යතුරුපැදි ප්‍රදර්ශනාගාර හිමිකරුවන් පෙළඹී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ.